Pages

Saturday, August 31, 2013

රට රටවල අරුම පුදුම ආචාර ක්‍රම

අමුත්තෙකු පිළිගැනීම සඳහා අපි ඔහුට ආචාර කරමු. එසේ අචාර කර කෙනෙකු පිළිගැනීම ඔහුට ගරු කිරීමකි. එසේම ඒ ආචාර කරන පුද්ගලයාගේ වැදගත්කමද පිළිබිඹුවේ. ආචාර ලැබිමට අප කවුරුත් කැමැතිය. එලෙස කෙනකු අපට ආචාර කළවිට අප තුළ බහුමානයක් ඇති වේ. ආචාරය කරන තැනැත්තා කෙරෙහි ළයාන්විත භාවයක් උපදී. ඊළඟට ආචාරය ලැබූ පුද්ගලයා ආචාර කළ අයට යළි ආචාර කරයි. එය හඳුන්වන්නේ සමාචාර කිරීම යනුවෙනි. ආචාරය සමග සමාචාරයද බැඳී පවතී.

ලොව බොහෝ දෙනා පිළිගත් ආචාරයක් වන්නේ අතට අත දී ආචාර කිරීමය. තම දකුණු අතින් තමාට මුණ ගැසුණු අමුත්තාගේ දකුණු අත අල්ලා හිස පහතට නමා ආචාර කරයි. බොහෝ විට සුරත තදින් අල්ලාගෙන අත නොහැර ටික වේලාවක් සිටින්නේ තමන්ගේ දැඩි ලෙන්ගතුකම ප්‍රදර්ශනය කිරීමටය. මේ ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ බටහිර ලෝකයේ රටවලිනි. එහෙත් අද එය මුළු ලෝකයේම දියුණු ජාතීන් අතර ‍පොදු ආචාර විධියක් ලෙස පිළිගනී. ඊළඟට හිස පැළඳි තොප්පිය අතට ගෙන ආචාර කිරීමද බටහිර රටවල සිරිතකි. බටහිර පිරිමින් කතුන්ට ගෞරව කරන්නේ එසේය. ලොවම පිළිගත් තවත් ආචාර ක්‍රමයක් වන්නේ අමුත්තා බදා වැළඳ ආචාර කිරීමයි. මෙය අතට අත දෙනවාටත් වඩා සුහද බව හැඟවෙන ආචාර විධියකි. එය තව දුරටත් වර්ධනය වූ විට මුහුණ සිප ආචාර කිරීමද සිදුවේ. තද ලෙන්ගතු බව දැක්වීම සඳහා නළල හෝ මුව චුම්බනය කර ආචාර දැක්වීම ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව ලොව බොහෝ බටහිර රටවල සිදු කෙරේ. ලොව බොහෝ රටවල විවිධ ජාතීන් අතර නොයෙක් ආචාර සමාචාර විධි පවතී. ඒවා සමහරක් පුදුම උපදවන සුළුය. තවත් ඒවා හාස්‍යජනකය.
පිලිපීන දූපත්වල ජීවත්වන වැසියන් ආචාර කරන්නේ තම දකුණු කකුල ඔසවා වම් කකුලෙන් සිටගෙනය. නිවෙසට අමුත්තෙක් පැමිණි විට ගෙහිමියා ඉදිරියට පැමිණ කකුලක් ඔසවා තනි කකුලෙන් සිටගත යුතුය. එයට පැමිණි අයද තනි කකුලෙන් සිට එයට සමාචාර දක්වයි. නාසයට නාසය අතුල්ලා ආචාර කිරීම නවසීලන්තයේ කතුන් අතර පවතින ඉතාම ගෞරවාන්විත ආචාර විධියකි. එහෙත් එරට පිරිමින් ආචාර කරන්නේ නාසයට නාසය ඇතිල්ලීමෙන් නොව නාසයට නාසය තබා තද කර ගැනීමෙනි.

ටිබෙටයෙහි ආත්මීය නායකයා දලයි ලාමා

මිනිස්‌සු හිතන්නේ සතුන් යනු එළවළු විශේෂයක්‌ ලෙසටයි. සතුන් ගැන මිනිස්‌සු මෙයාකාරෙන් සිතන එක වැරදියි. ඒ තත්ත්වය වෙනස්‌ විය යුතුයි. ටිබෙටයේ මෙන්ම මුළු ලෝකයේම හැම මිනිසකුටම මා සිහිපත් කරන්නේ මස්‌ මාංශයෙන් තොර ආහාරවලට පුරුදු විය යුතු බවයි. එවිට සතුන්ට මෙන්ම මනුෂ්‍යයාටද පීඩාවකින් තොරව ජීවත්විය හැකියි

නිදහස්‌, ස්‌වෛරී, ස්‌වාධීන ටිබෙටයක්‌ උදෙසා ඔහු ගෙන ගිය දැවැන්ත සටන අවිහිංසාවාදී විය. එහි තේමාව වන්නේ දයාව හා සාමයයි. දහ හතර වැනි දලයි ලාමාතුමානෝ ටිබෙට්‌ රටවැසියන් හට පමණක්‌ නොව ලෝකයෙහි සියලු මහාද්වීප කරා සාමය රැගෙන යන්නට උත්සුක වූහ.

එලෙස ලෝකයෙහි නන් දෙස යමින් ජනතාව එක්‌රැස්‌ කොට පවත්වා ඇති සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු සංඛ්‍යාව සිය ගණනකි. ඒ හැරුණුවිට ඒ හැම තැනෙකදීම දලයි ලාමා තුමාණන් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පරිසරය පිළිබඳව ද ලෝකවාසී ජනතාව දැනුවත් කරන්ටන දැඩි උනන්දුවක්‌ දැක්‌වූයේය. චීනය හැරෙන්නට මුළු ලොවම ඔහුට පෙරලා ආදරය හා ගෞරවය දැක්‌වීය. ඔහුගේ සේවාවන් අගය කළේය. 1989 වසරේදී නොබෙල් සාම ත්‍යාගය තුළින් එතුමා වෙත පිරිනැමෙන්නේ මුළු ලොවෙහිම ගෞරවාදරයයි.

1935 ජුලි මස 6 වැනි දින චීනයෙහි ටැක්‌ස්‌ටර් (Takster) ප්‍රදේශයෙහි ගොවි පවුලක ඔහු උපන්නේ සහෝදර සහෝදරියන් දහසය දෙනෙක්‌ උපත ලද පවුලක පස්‌වැන්නා ලෙසටය. ඔවුන් අතරින් පස්‌ දෙනෙක්‌ බාල වියේදීම මිය ගියහ.

Tuesday, August 27, 2013

ඔබ මගේමැයි

මගේ හදවත ඔබයි
මගේ ආත්මය ඔබයි
කිසි දින ඔබෙන් ඈත්ව
මට විසිය නොහැක
විටෙක සඳරැස් සේ සිසිල් වූ ඔබ
වරෙක හිරු කිරණ සේ ගිනියම් විය
හිරුගේ සඳුගේ චණ්ඩ හා සිසිල් බවට
මම එක සේ ඇලුම් කරමි
ඒ දිවි තිබෙන තුරු සසරේ සැරි සරනතුරු
ඔබ මගේම නිසාය

Monday, August 26, 2013

Be sun-safe

We all know that the skin is the largest organ of the body which covers the internal organs and protects them from injury; serves as a barrier between germs, such as bacteria and internal organs; and prevents the loss of too much fluid.The skin helps control body temperature and gets rid of waste. Certain cells in the skin communicate with the brain and allow sensations. Melanoma is the most serious type of skin cancer - usually starts in the basal cells or squamous cells. These cells are found at the base of the outer layer of the skin.

Saturday, August 24, 2013

ඔබට මෙතරම් ළංව ඉන්නේ - නොලැබෙනා බව දැන දැනයි

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

හමුවෙනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...

ප්‍රථම ‍ප්‍රේමයේ කඳුළු බිංදුව...෴

ප්‍රථම - පළමු - පළවැනි හැමදේම අපූර්ව දෙයක් විදියට සලකන්නට මනුෂ්‍යත්වය අපට පුරුදු කරවා ඇත. හැමදේකින් ම ප්‍රථමයා වන්නට අප බොහොමත් කැමැති ය.

ප්‍රථමයා ලකුණු සියයක් ලබා හිනා සෙනවිට අන්තිමයා ‘ඕඩ්ඩා’ ලෙස සරදම් ලබා හඬා වැටෙයි.

ජිවිතය නමැති තක්සලාවේදී ද අපට මේ පාඩම් - දඬුවම් හරි හරියට ලැබෙන්නේ ය. ජීවිතයේ ප්‍රථම වරට අපට ආදරයේ නියාමය කියා දෙන්නේ තාත්තා ය. අම්මා ඒ ආදරය ප්‍රායෝගික කරන්නීය.

ක්‍රම ක්‍රමයෙන් යොවුන් වියට එළැඹෙන විට අම්මාගේ - තාත්තාගේ - ආච්චිලා සීයලාගේ - අයියා අක්කලාගේ ආදරය බිංදුවට බස්සමින් කවුදෝ කෙනෙක් ‘දේවතා එළියක්’ අරගෙන එයි. මේ අමුත්තා හෝ අමුත්තිය දුරස්ථ කෙනකු ලෙස නොපෙනෙයි.

සංසාරේ කොහේදී හෝ හමුවෙලා ඇති බවක් ම පෙනෙයි. ඔහු හෝ ඇය ඒ ගෙනෙන්නේ ආදරයේ දේවතා එළියයි! ඉක්බිති...

Tuesday, August 20, 2013

18 Rules for Better Sleep

Sleep helps you perform better during games or competitions, recover faster from training sessions, and according to a Clinical Journal of Sports Medicine study, can even help prevent injuries. But sleep isn't just good for your body, it helps the mind too, according to a 2003 study by the University of Michigan. The following guidelines will help you fall asleep and stay asleep.

Rule #1 Establish regular bedtime and waking hours by going to bed at a relatively consistent time and getting up at about the same time to help synchronize your body clock.

Rule #2 Make sure your room is dark, quiet and cool.

Rule #3 Make sure your bed, blankets, sheets and pillows are comfortable.

Sunday, August 18, 2013

Strive to lead a virtuous life

“Thereupon the Blessed One addressed the devotees of Pataligama thus: “Five blessings, householders, accrue to the virtuous man through his practice of virtue: great increase of wealth through his diligence; a favourable reputation; a confident deportment, without timidity, in every society, be it that of nobles, Brahmans, householders, or ascetics; a serene death; and, at the breaking up of the body after death, rebirth in a happy state, in a heavenly world.”
- Maha-Parinibbana Sutta

What really is “virtue”? In essence, virtue is moral excellence. A virtue is a positive trait or quality deemed to be morally good and thus is valued as a foundation of principle and good moral being. Personal virtues are characteristics valued as promoting collective and individual greatness.

The Buddhist lifestyle may be described as the daily living in virtue, simplicity, peace, gratitude, wisdom and compassion. However, we do not just decide one day to live in this special way, it is the natural result of a process of devotion, practice and then more practice. That is to say, effort and dedication to our practice is the only way to live an authentic virtuous Buddhist lifestyle.

Obese mothers' children ‘more likely to die young’

Children born to obese mothers are 35 percent more likely to die before they reach 55, a study has found.

They also have a 29 percent increased chance of being admitted to hospital for heart attacks, angina and stroke than those born to mothers of a normal weight. Experts analysed data for 37,709 babies delivered between 1950 and 1976 in Scotland. Their mother’s weight was recorded during her first antenatal appointment in pregnancy.

Saturday, August 17, 2013

හීන

පුංචිම පුංචි කාලේ අපි හීන දැක්කලු. හීනෙන් හිනාවෙනවලු, හීනෙන් අඬනවලු. එවා සුරංගනා සිහින. ලොකු අය කිව්වේ සුරංගනාවො ඇවිත් අනම් මනම් කියනවලු. ඒව කිරි සිහින.

ටිකක් ලොකුවෙලා සෙල්ලම් ගෙවල් හදන කාලෙ, අල්ලපු ගෙදර ඔයයි මෙහා ගෙදර මමයි එකතුවෙලා සෙල්ලම් කළා.

ඔයා අම්මගෙ පරණ සාරියක් ඇඳගෙන ටීචර් කෙනෙක් වුණා. මම ගෝලය, ඔයා මට කෝටුවක් අරගෙන තරවටු කළා.

පිරිමින් මුහුදේ නාන්නේ බලාගෙනයි

ස්‌වීඩනයේ දකුණු දිග වෙරළේ සිට මුහුදට බසින්නේ නම් පිහිනුම් ඇඳුම් හැඳ එසේ කරනා ලෙස ස්‌වීඩන් රටේ පිරිමින් වෙත එහි වෙසෙන විශේෂඥයන් විසින් අවවාද කර ඇත. එයට හේතුව වී ඇත්තේ පිරිමින්ගේ අණ්‌ඩ කෝෂ පමණක්‌ විකන අමරිකන් ජාතික මත්ස්‍යයකු සිටින බව සොයාගෙන ඇති නිසාය.

මෙම අනතුරු හැඟවීමට හේතුවූ සෙන්ටිමීටර 21 ක්‌ දිගැති මෙම මත්ස්‍යයා සොයාගෙන ඇත්තේ ධීවරයකු විසිනි. ඇමේසන් ගංගාව පිහිටි ප්‍රදේශයේ මෙම මත්ස්‍යයා බහුලව දක්‌නට ලැබෙන අතර එම මත්ස්‍යයා පිරන්හා වර්ගයට අයත් බව හෙළිවී ඇත. ඔබ දියනෑමට මුහුදට බසිනවා නම් නොවරදවාම පිහිනුම් ඇඳුම පළඳින්න යෑයි ස්‌වීඩනයට යාබදව පිහිටි ඩෙන්මාක්‌හි ජාතික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයද අනතුරු හඟවා ඇත.

මිරිදියේද වාසය කරන මෙම මත්ස්‍යයා සෙන්ටිමීටර් 90 දක්‌වා වැඩෙන අතර කිලෝග්‍රෑම් 25 ක්‌ පමණ බරය. මෙම සතා පිරිමින්ගේ රහස්‌ ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනා බැවින් ඌ නම් තබා ඇත්තේ ball cutter හෙවත් "බෝල කපන්නා" යනුවෙනි.

මෙම මත්ස්‍යයන් බහුල ජලයේ උගේ ප්‍රහාරයට ලක්‌වී අණ්‌ඩකෝෂ අහිමිවිම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා අකල් මරණයට පත්වූ ධීවරයන් ගැනද වාර්තා වී ඇත. උගේ හකු දෙක තියුණු දත් දෙපෙලකින් යුක්‌තවීම මෙතරම් විපතක්‌ සිදුකිරීමට ඌට ප්‍රයෝජනවත් වී ඇත.

Friday, August 16, 2013

Eeeeeeek….EXAMS!!

Exams during childhood are a necessary evil. They are the only substantial way of assessing whether your child is progressing in a positive manner at school. I hate exams. I hated them when I was a child and my passion for them has not warmed as an adult.

The irony in this situation is that I am now faced with going through the tedious rounds of revising an excruciating four times, with four children at home. Life is cruel. But as parents we must not quiver in the face of adversement and especially not in the eyes of our children. Our children need us to be positive and determined, but the biggest battle is getting them to actually sit down and study.

When I innocently ask my nine year old ‘If she has started to study’ I am faced with a barrage of insolent behavior, this is very hard to digest since every pore in my body is wanting to fling the books out the window and go for a swim instead. We cannot runaway from our problems.

How to survive your children’s exams

Tackling the scourge of child abuse

Sexual abuse of children has no geographical borders, ethnicity, colour or social status. It occurs in the best of homes and organizations, and in urban or rural villages. It robs a child of its dignity, self-respect, spirit and crushes its developmental growth like a rose bud before it blooms.

Child abuse occurs frequently in US and Europe. In the UK, 23,000 incidents were reported by the police during 2009-2010. In the US, it varies widely. The US Department of Health and Human Services reported 83,600 substantiated reports of sexually abused children in 2005.

Thursday, August 15, 2013

අන්තර්ජාලයේ තත්පර 60ක්‌

අන්තර්ජාලය ඒ කියන්නේ අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් Internet දැන් මැජික්‌ එකක්‌ නෙමේ. ඇත්තටම මේ සඳහා ඔබ හුරුවුවහොත් එය නැතුව ඔබට ඉන්නට බැරි බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. පරිගණකයෙන්, ජංගම දුරකථනයටත් පැමිණි මේ අන්තර්ජාල පහසුකම ලෝකයේ අති මහත් බහුතරයක්‌ විවිධ සේවා, අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරනවා.

විශේෂයෙන්ම Facebook වැනි සමාජ වෙබ් අඩවි නිසා මේ ආකාරයෙන් අන්තර්ජාල භාවිතය දැන් දැන් ලෝකයේම අති සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී අවසන්. සාමාන්‍යයෙන් විනාඩියක්‌ ඇතුළත අන්තර්ජාලයේ වෙන සිදුවීම් ගැන ඔබ කැමැතිද වැඩි විස්‌තර දැන ගන්න. මේ විදෙස්‌ වාර්තාව තනිකරම පෙන්වා දෙන්නේ ඒ ගැන. විනාඩියක්‌... ටක්‌ ටක්‌ ගා යන මේ තත්පර 60 තුළ අන්තර්ජාලය තරම් කාර්ය බහුල වෙන තැනක්‌ නම් ඇත්තටම නැතුව ඇති.

Wednesday, August 14, 2013

Siri Perakum - love, conflict, loss -- BUT TRUTH?

Dr Somaratna Dissanayake and Renuka Balasuriya should be commended for the grand cinematic creation 'Siri Perakum' for three reasons. Firstly, although the theme and the plot deviates from the already established historical accounts stated in Rajawaliya and Mahavansa, both Somaratna and Renuka have reconstructed and recreated a subjective history and have created a film which produces a 'truth effect' upon the audience.

Secondly, the superb aesthetic technique explores all aspects of human life experiences including, childhood pleasures, love, conflicts, loss and gain and even death. Thirdly, the genre, style and structure of the film are powerful with strong historical as well as contemporary relevance as it argues a persuasive political and moral case while offering convincing characters and a realistic setting.

Monday, August 12, 2013

මා කාගේවත් සිහින බිඳින්නේ නැත.

මා පැතූ ලෝකයක් හෝ සුන්දර යමක් වේ නම් ඒ සියල්ල ම පැවතියේ මාගේ සිහිනයක් තුළ පමණි.

ඒ නිසා ම මගේ එකම විනෝදාංශය වූයේ ද සිහින දැකීමයි.කිසිම දිනයක ඒ සිහින යථාර්ථයක් නොවනා බව දන්නාමුත් මම දිගින් දිගට ම සිහින වියමි.

ඒ සිහින තුළ ඇවිද ඒවායේ සුන්දරත්වය විඳගනිමි.මන්ද පියවි ලෝකය තුළ පවතින කර්කශ,ක්‍රෑර බව ඒ සිහින තුළ මා හට හමු නොවේ.

සාමකාමී සොබාදහමක් සමඟ සිහින තුළ ජීවත් වන මා හට සැබෑ ලෝකය සැබැවින් ම පීඩාකාරීය. ඒ පීඩාකාරී ලෝකය තුළ මා නැමති ජීවියා විඳින දුක් ද අපමණය.

විටෙක නිරපරාදේ බැණුම්, චෝදනා, සැක කිරීම් වලට ද මා භාජනය වන්නේ ඒ නිසාය. මාගේ නිහඬ බව ඇතැමුන් තේරුම් ගන්නේ වැරදි ලෙසටය.

ඒ නිසා ම ඔවුන් මා දෙස වපර ඇසින් බලා නොයෙකුත් දෑ කියනා බව මම දනිමි.එහෙත් මා මේ වියමන් කරන සිහින වලින් මිදී මට කළ හැකි කිසිවක් මෙහි නැත.

මාගේ සිහින රජ කරවන්නට තරම් හැකියාවක් ද මට නැත.නමුත් මගේ සිහින ලෝක තුළ මා ගෙවනා නිදහස් සාමකාමී ජීවිතය භෞතික ලෝකයට කොහෙත් ම නොගැළපෙන්නේ පෙර කී ලෙස සමාජය මා දෙස වපර ඇසින් බැලීම නිසාය.

නමුත් මා ඉන් කම්පා නොවන්නේ තවදුරටත් මට සිහින වියන්නට තරම් යහපත් මානසිකත්වයක් පවතින නිසාය.

කවුරු කෙසේ මොනවා කීවත් මා සිහින වියමන නවත්වන්නේ නැත. මන්ද මාගේ කුඩා ලෝකය තුළ ඇති එකම සතුට එය පමණක් වන නිසාය.

අවාසනාවකට මා වියනා සෑම සිහිනයක් ම විෂ කටු තුඩු වලින් ඇන විනාශ කරන්නට සියලු දෙනා බලා සිටීම මට ඇති කරවන්නේ කලකිරීමකි. මා කාගේවත් සිහින බිඳින්නේ නැත.එහෙත් සියලු දෙනා එක්ව මගේ සිහින බිඳ දමන්නේ මන්ද?මේ පැනයට පිළිතුරු කෙතෙක් සෙවුව ද තව වනතුරුත් එය මට හමුනොවීම පුදුමයකි.

බාහිරින් එල්ල වන වාරණ තර්ජනවලින් මා වියනා සිහින කිසිවකුටත් වැළැක්විය නොහැකි බව ඒ කිසිවෙක් තේරුම් නොගැනිම මට වේදනාවකි.

එහෙත් සියලු දෙනා එක්ව බිඳ දමන ලද නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි බොහෝමයක් සිහිනවලට දැන් එක්ව ඇත්තේ අඳුරු පැල්ලම්ය. මා කෙසේ එවැනි අඳුරු පැල්ලම් වැකුණු සිහිනයක් යළි වර්ණ ගන්වන්නේ ද...? තැනින් තැන යන්තමින් දැල්වෙන පහන් කණු නැතුවා ම නොවේ.

ඒ පහන් කණු දල්වනු ලැබ ඇත්තේ මා විසින් හඳුනා ගන්නා ලද සැබෑ මිනිසුන් ය.ඔවුන්ට මගේ ඒ අඳුරුව ගිය සිහිනවලට නිකමට හෝ අලෝකයක් වන්නට සිතෙන්නට ඇත්තේ මා ද ඔවුන් මෙන් සිහින වියනා බව ඔවුන් දන්නා නිසා වන්නට ඇත.

මා දැන් ගෙවන්නේ ද්විත්ව පෞරුෂයක් හිමි ජීවිතයකි.භෞතික ලෝකය ද එසේත් නැතිනම් සිහින ලෝකය ද යන්න මා තෝරා ගත යුතුය. නමුත් මා සිහිනවලින් මිදෙන්නට අකමැතිය. නිදහස හා සතුට විඳගන්නේ කාලයක් පුරා සැලසුම් කොට වියන ලද සිහිනයකදී පමණි. ඉතිං...තව දුරටත් මගේ සිහින වියන්න මට ඉඩ දෙන්න.මන්ද මා වැන්නෙකුට කළ හැකි එකම දෑ එය පමණක් වන නිසාය.

Where do you like to be born?

Many years ago I was enroute to Veyangoda from Colombo Fort in the Yakada Yaka when a confused passenger got in. He had a load of files. He carried a huge map probably bought just minutes ago from the pavement. He unrolled it no sooner than he sat, providing diversion to the passengers, bored by the long wait.

Then he began peering into it and tracing some places with much earnestness. As the iron monster finally got started and chugged on past the concrete tapestry of the mega city and waded into green fields, pastures and pristine scenery, the man went on with this exercise, raising his head now and then that exposed an inebriated state via red eyes. Now a fellow passenger reaching the optimum of his curiosity asked him what he was earnestly seeking.

"For a place to be born in, other than this country", he blurted out much to the amusement of the audience captured in that section of the iron devil.

Then he said, "Almost 15 times I have chugged in this train to get my pension worked out but it is two years since my retirement and still the pension is only a dream".
Heavenly abode

This episode was enacted about 25 years back and I presume that the Pension Department is in a better working order now. Perhaps that gentleman too would have solved his problem and gifted the large map to his grandchildren, after finding his El Dorado or not. He could be even in a heavenly abode now. The incident rose in my mind when I came across a feature titled "Looking for a country to be born?" The newspaper was no less a paper than the The Washington Post that covered research done in this regard by the Economic Intelligence Unit. Eighty countries have been subject to the research and among the facets taken into reckoning are economic opportunity, health standards, political freedom, quality of Life, gender equality, job security, crime situation and climate.

The list of countries chosen, along this criteria is given and yields unexpected results.

"The USA and Germany, two of the world's top economic powerhouses have been placed 16th. Japan goes down to the 25th and Britain and France plummet even further. What countries surprisingly push the above states further down? You would be surprised to read that war-torn Israel earns the 20th place and is preceded by the oil-rich United Arab Emirates.

"The best countries to be born in are small, peaceful, homogenous and liberal democracies. The Nordic countries too come out on top alongside Ireland, New Zealand and Canada. The top 15 also include Australia, New Zealand and Switzerland. The first three in the list are Switzerland, Australia and Norway. Asia's two super-rich city states are Singapore and Taiwan with its political freedom and improved health.
Contradictions

There are further contradictions in the picture of that pensioner's map. Portugal and Spain score highly despite their present troubles. All the benign policies of the present government seem to have no effect on international publicity.

China, despite the publicity, is not a great place to be born in. It ranks 49th out of 80 below Latvia and Hungary. This is paradoxical for China boasts the largest number of billionaires next to the USA billionaires and general living standards seem to be two different worlds. True, states the report, that China has made astounding gains but the gains have not benefited the massive country equally. The majority of the population are still below the poverty line and even the big coastal cities do not project a favourable picture.

A child born in Poland or Greece will have a better life than in rising economic giants such as Brazil, Turkey or China!

Saturday, August 10, 2013

ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති...

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී...

කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද
භවය පුරා ළඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී

ගී පද - මාලනී ජයරත්න
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - ටී. එම්. ජයරත්න

ආත්මයෙන් ආත්මය එකට බැඳී ඉන්න බොහෝ පෙම්වතුන්. පෙම්වතියන් පෙරුම් පුරනවා. අඹුසැමියනුත් එහෙමයි. ඒත් ඒ විදිහට සංසාරෙන් සංසාරෙට එක්‌ වෙන්න වාසනාව ලැබනේනේ කීයෙන් කී දෙනාටද?

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී

අපි අද ආදරෙන් බැඳිලා. මේ බැඳීම සංසාරගත පුරුද්දක්‌ වෙන්නැති. ඉහත ආත්මෙදිත් අපි දෙන්නා එකට ඉන්න ඇති. සමහරවිට ආත්ම ගණනාවක්‌ මගේ පිවිතුරු පැතුම වෙන්න ඇත්තේ ඔයාම තමයි. ඒ අතීත ආත්මවල අපේ ජීවිත අතිශයන්ම සුන්දර වෙන්න ඇති. ඒ හින්ද තමයි අපි ආයෙත් මේ ආත්මෙදි ආදරෙන් එකතුවෙන්න ඇත්තෙ.

බිරිඳකගේ සුන්දර පැතුමක්‌.... ගයන්නේ ඇගේම සැමියා. මාලනී ජයරත්ත ගීපද රචිකාව. ගීය ගැන දැක්‌වූ අදහස මේ.

මේක පෙම්වතෙක්‌ පෙම්වතියත් අතර ඇතිවන කතාවක්‌ නොවේ. බිරිඳක්‌ සහ සැමියෙක්‌ අතර බැඳීමක්‌. ඕනෑම පවුලක වගේම මටත් ප්‍රශ්න තිබුණා. ඒත් ඒවා ජයගත් බව මට දැනුනා. ආදරය තුළ හිඳිමින් ඕනෑම ප්‍රශ්නයක්‌ ජයගන්න අපිට පුළුවන්. ප්‍රේමය කියන්නේ බැඳීමක්‌. ඒ ගැන තමයි මේ ගීයෙන් මම කියන්නේ.

කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද
භවය පුරා ළඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී

ආදරේ කරමින් යන ගමනේදී ඉවසීම අවශ්‍යයි. කැපවීම අවැසියි. එහෙම යන ගමනේදී සෝ සුසුම්, කඳුළු ආගන්තුක නෑ. සතුට සිනාව. ඒත් එහෙම තමයි. ඉතින් විටෙක කඳුළු සලමින්. සුසුම් හෙළමින් තවත් වෙලාවක සතුටු වෙමින් සිනාසෙමින් මේ භවය පුරාම ඔයා මා ළඟ ඉන්න ඇති. මේ භවයෙදි වගේම ඒ භවයෙදිත් මම ඔයා වෙනුවෙන්ම කැප වෙන්න ඇති.

මේ සිංදුව ලියුවේ මම බිරිඳක්‌ වූ පසුවයි. ඒ අසූ දෙක අසූ තුන කාලෙදි. අසූ හතරෙදි ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට තමයි මගේ මහත්තයා මේ සිංදුව ගායනා කළේ. රෝහණ වීරසිංහ තනුව හැදුවා. ආදරය කියන්නේ පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. සොඳුරු අතීතය කියලා මම අදහස්‌ කළේ යහපත් අතීතය. යහපත්වූ අතිතය හරිම සුන්දරයි. ගී පද රචිකාව පැවැසුවා.

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී

ආදරවන්තයන්ට, අඹුසැමියන්ට තරම් බාධක තවත් කාටද. ඒත් අපි ඒ බාධක හමුවේ නොසැලී සිටියා. හරියට මහ සාගරය මැද තියෙන ගල්පරයක්‌ වගේ. සැඩ සුළඟ කොතරම් බිහිසුණු වුණත්, රළ පහර කොතරම් ප්‍රචණ්‌ඩ වුණත් ගල්පරය සැලෙන්නේ නෑ. ඒ වගේ කිසිම බාධකයකට බැරිවුණා අපව වෙන් කරන්න. ඒ නිසාම තමයි අපේ පෙම ජයගන්න ඇත්තේ. බුදු හාමුදුරුවෝ මේ සංසාරෙදි නිවන් දකිනතුරු යසෝදරාවන්. උන්වහන්සේ පසුපස ආත්ම ගණනාවක්‌ ආවේ හරියට හෙවැනල්ලක්‌ වගේ. ඒ වගේම මේ හැම ආත්මෙකදිම අපි දෙන්නට අපි දෙන්න පුරුදුයි. අපි අද වාගෙම ඒ හැම ආත්මෙකදිම ආදරයෙන් එකතුවෙලා ඉන්න ඇති.

ආදරය.... සෙනෙහස පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. ඕනෑම දුකක්‌ කරදරයක්‌ විඳගැනීමට විශේෂයෙන්ම බිරිඳකට පුළුවන් වෙන්න ඕන. එවිට ජිවිතය ජයගන්න පුළුවන්. මාලිනි ජයරත්න පැවසුවා. 

අජිත් අලහකෝන් - Divaina

කොළඹ සිට කටුනායකට රූංගාලා යන්න ළගදීම පුලුවන්

දෙවැනි ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාවට යානා ගොඩබෑම සඳහා කටුනායක ප්‍රදේශයේ ගුවන් පථයක්‌ ඉදිකරන ලද්දේ 1944 දීය. බ්‍රිතාන්‍යයන් විසින් "නිදහස" හිමි කර දුන් පසුත් කටුනායක භූමියේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර පිහිටා තිබිණි. 1957 දී අගමැති බණ්‌ඩාරනායක විසින් බ්‍රිතාන්‍ය හමුදාව එයින් ඉවත් කළ අතර ඉන්පසුව කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික ගුවන්තොටුපළ ලෙස ඉදිවිය. 1964 වසරේදී ප්‍රවෘත්ති ඇමැති අනිල් මුණසිංහ විසින් කටුනායක ගුවන්තොටුපළ සඳහා කැනේඩියානු ආධාර යටතේ ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කළේය....

මේ ආදී වශයෙන් කටුනායක ගුවන්තොටුපළේ කතාව දිග හැරෙයි. කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස අද භාවිතා වන ගුවන් තොටුපළ වර්ධනීය අවස්‌ථාවක තිබුණත් දිල්ලියේ සිට කටුනායකට පැමිණීමට සමාන කාලයක්‌ කටුනායක සිට කොළඹට පැමිණීමට ගතවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙන්a අගනුවරට පැමිණීම නීරස කටයුත්තක්‌ වී තිබේ. කොළඹ සිට කටුනායක ගුවන් තොටුපළට යන මගීන්ගේ ගමන් විඩාව ඇරඹෙන්නේ ගුවන් ගමනේදී නොව, කටුනායකට යන ගමනේදීය. පාර දෙපැත්තේ තිබෙන සුරුවම්, ඒ මඟීන්ගේ දුක බලා ගැනීමට හැදූ පිළිම සේ දිස්‌වන්නේ ඒ තරම්ම දුකකින් හා කේන්තියෙන් කටුනායකට යැමට හෝ කොළඹට ඒමට සිදුවී තිබෙන නිසාය.

සංචාරක ව්‍යාපාරය ගැන උදම් ඇනුවද, යටිතල පහසුකම් ගැන කයිවාරු ගැසුවද කටුනායකින් කොළඹට පිවිසෙන ඕනෑම අයෙකුට ඉතිරි වන මතකයන් නම්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොව එයාර්පෝට්‌ පාරේ රස්‌තියාදුවය. ඒ රස්‌තියාදුව විඳින සංචාරකයකු හෝ ආයෝජකයකු යළිත් ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ ශ්‍රී ලංකාවට ඔහු ගිය ජාතියේ තියෙන ණයක්‌ ගෙවීමට කරුමය විසින් ඔහුට නියම කර ඇත්නම් පමණි. 

කටුනායක - කොළඹ මේ රස්‌තියාදුව නතර කරන්නට, කන් පිරෙන්නට දේශපාලන කතා මේ රටේ ජනතාව අසා තිබිණි. දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගය විකල්ප මාර්ගය වැනි දේට අමතරව මීගමුව දක්‌වා යන ඕලන්ද ඇළ ද කන් පිරෙන, ඒ කතාවල රසට තිබිණි. ගමනේ තිත්ත රස කරන්න ඒ කතාවලට කළහැක්‌කක්‌ නොවීය.

Friday, August 09, 2013

ඉතා දුලබ රෝගයකින් ඔහු පෙළුණත්, අපි දෙදෙනා සාමාන්‍ය පෙම්වතුන් යුවලක් විතරයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිටින 24 හැවිරිදි ඇගේ පෙම්වතා වන්නේ ආබාධිත පාපැදි තර`ගකරුවෙකු වන 23 හැවිරිදි ටොම් ස්ටැනිෆොර්ඕ ය. ටොම් ස්ටැනිෆොර්ඕ මස් පිඬු වර්ධනය නොවන රෝගයකින් පෙළේ. එලෙසම කන් ඇසීමේ අඩුවක් ද තිබේ. ඔහුගේ වයසේ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව ඔහුගේ මස් පිඬු වර්ධනය වී ඇත්තේ සීයට 40ක ප‍්‍රමාණයකින් පමණය.

ටොම් හා ඇලිස් එකිනෙක හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේය.

’’අපි දෙන්නා චැට් කරද්දී ටොම් මට එයාගේ සැබෑ තත්ත්වය ස්වරූපය කිව්වා... පළමු හමුවීමේ දී අපි දෙන්නා

අවන්හලකින් ආහාර වේලක් ගන්න ගමන් කතා බහ කළා.. එදා දවස සාමාන්‍ය යුවලක් මුණ ගැහුණ දවසක් වගේම තමයි.. ඔහුගේ ස්වරූපයවත්, රෝගී තත්ත්වයවත් මාව අපහසුවට පත් කළේ නෑ..’’’

ඔවුන් දෙදෙනා මේ වන විට ලන්ඩන් නුවර එක්ව වාසය කරති. නයිට් ක්ලබ් යෑම, රාතී‍්‍ර බීම සාදවලට සහභාගී වීම ඔවුන් දෙදෙනාගේ ජීවිතය තුළ නැත.

‘‘මගේ තත්ත්වෙත් එකක් ගොඩක් වෙලා එක තැන හිටගෙන ඉන්න බෑ.. ඇවිදින්න, ක්ලබ් යන්න මගේ වැඩි කැමැත්තකුත් නෑ. අනික වෘත්තීමය මලල කී‍්‍රඩකයෙක් වශයෙන් මම උත්සහ කරන්නේ මගේ සෞඛ්‍යය රැුකගන්න විතරයි..’’’ ටොම් පවසනවා.

ටොම්ට සාමාන්‍ය අයෙකු වශයෙන් ජීවත්වීමට ඇලිස්ගෙන් ඔහුට ලබන්නේ විශාල උදව්වකි. ඇලිස්ගේ ආදරයෙන්, ඇලිස්ගේ උදව්වෙන් ටොම් ආදරණීය සැහැල්ලූ සාමාන්‍ය ජීවිතයක් ගෙවමින් සිටිනවා.

ගොබෙල්ස්ගේ න්‍යාය

පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද ‍පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....

මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා අපි දන්නවා වුණාට, හැමෝම වගේ විහිළුවට හරි බොරු කියනවානේ. ඇත්ත ම කතන්දරේ නම් බොරු කියන්න හොඳ නැහැ කියන එක. ඒකෙන් ඇති කරන විපාකය හරි ම ප්‍රබලයි. දන්නවද මේ බොරු කියන එක දියුණු මට්ටමේ රැකියාවක තත්වයකට ගෙනාවේ කවුද කියලා... ඒ තමයි ජෝසප් ගොබෙල්ස්. අසත්‍ය හා සාවද්‍ය කරුණු කාරණා සත්‍ය හා නිරවද්‍ය කරුණු සේ පුනපුනා ඒත්තු ගැන්වීම යන මූලික සිද්ධාන්තයන් මතින් දේශපාලන ලොවෙහි ප්‍රතාපවත් චරිතයක් ලෙස කැපී පෙනීමේ න්‍යාය ලෝකයාට කියලා දුන්නේ මේ ජෝසෆ් ගොබෙල්ස්. ඒක කොයිතරම් වැදගත් ද කියනව නම් දේශපාලන විද්‍යාව පිළිබඳ ඉගෙනගන්න අය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පළමු පෙළේ අපූරු අත්පොතක් විදියටත් දේශපාලන විෂය ධාරාවන්ට මේ ගොබෙල්ස් න්‍යාය ඇතුළත් කරලා තියෙනවා.

ගොබෙල්ස් බොහොම බුද්ධිමත් කෙනෙක්. අධ්‍යාපන කටයුතුවලදී දක්ෂයෙක් වුණු ගොබෙල්ස්ට බොන්, වුස්බර්ග්, ෆීබර්ග් සහ හයිඩ්ල්බර්ග් යන ජර්මනියේ ඒ කාලයේ තිබූ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල හතරෙන්ම උසස් අධ්‍යාපනය ලබා සාහිත්‍යය හා දර්ශනය විෂයන් පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගන්න පුළුවන් වුණා. ප්‍රවෘත්ති පත්‍රයක උප කර්තෘවරයකු ලෙස සේවය කරමින් ඉද්දි ගොබෙල්ස්ගේ ශූර බුද්ධිය සහ කපටි දේශපාලන ඥානය පිළිබඳ අසීමිත විදියට පැහැදුණු හිට්ලර් විසිහත් හැවිරිදි ගොබෙල්ස්ට ක්‍රි.ව. 1924 දී නට්සි පක්ෂ සාමාජිකත්වය ප්‍රදානය කළා.

මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට හිට්ලර් පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් තමයි ලැබෙන්නේ. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. බලාගෙන ගියා ම දෙවන ලෝක යුද්ධෙට වගකියන්නෝන මේ ගොබෙල්ස් වගේ නේද!!! හිට්ලර්ගේ නට්සි ව්‍යාපාරයේ ‘හදවත’ හා ‘රත්‍රං මොළය’ ලෙස ලොකු මෙහෙවරක් ඉටු කළ නට්සි රාජ්‍යයේ මාධ්‍ය ඇමැති වූ ජෝසෆ් ගොබෙල්ස් නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ව ඇමතුවේ, “අපේ පුංචි ආචාර්යවරයා" කියලා. ගොබෙල්ස් වුනත් එහෙමයි හිට්ලර් ගැන හිතුවේ. “මම ඔහුට ආදරය කරමි. ප්‍රසන්න මනසක් හිමි ඔහු මගේ නායකයා වනු දැකීමට නිතර ප්‍රිය කළෙමි. ශ්‍රේෂ්ඨ බුද්ධිමතාට දැඩි සේ ගෞරව කරමි.” කියලා තමයි ගොබෙල්ස් හිට්ලර් ගැන කිව්වේ. හිතන්නකෝ කොහොමට බොරුව තියෙන්න ඇත්ද කියලා! ඒකට අපේ රටේ බොරුකාරයෝ, ළඟින්වත් තියන්න පුළුවන්ද...

දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් ම තමයි. 1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා.

මේ තමයි ගොබෙල්ස් න්‍යායන්..... 

1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි. 

උදාහරණ විදියට අපේ රටේ ඒවා ම ගමුකෝ... සෝමවංශ සහෝදරයාගේ කොම්පියුටර් ජිල්මාට් කතාව, ජෙනරල් ෆොන්සේකා ගේ සුදු කොඩි කතාව, ජනාධිපතිතුමා ගේ ආසියාවේ ආශ්චර්යය වගේ ඒවා. මිනිස්සු හිතන්නේ අපි නොදන්න මොනාහරි ඕක ඇතුළේ ඇති, ඔය ලොකු ලොක්කෝ මොනවාහරි දැනගෙන තමයි ඔහොම කියන්නේ කියලා මිනිස්සු හිතනවා, හැබැයි කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ......

2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම.

ලංකාවේ නම් මේක සුපිරියට ම වෙනවා නේද... ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා, පියතුමන් ලා, වෙනත් ආගමික පූජකයන් ලවා අදහස් ප්‍රකාශ කෙරෙව්වා ම මිනිස්සු ඒ ගැන හිතන්න ගන්නවා. මේ අයත් මේක පිළිගන්නවා නම් අනිවාර්යෙන් ම මේක ඇත්ත වෙන්නෝන කියලා. සමහරවිට අර පුද්ගලයෝ දන්නෙවත් නැතුව ඇති මේ යට සැඟවුණු ක්‍රියාදාමයක් තියෙනවා කියලා.

3. ප්‍රචාරණයෙන් ඇතිවන ප්‍රතිඵල, සැලසුම් කිරීමේදි ම සලකා බලයි.

4. බොරුව ඍජුව ම විරුද්ධ වන්නන්ගේ ප්‍රතිපත්ති වලටම එල්ල කරයි.

මේ වගේ කතන්දර තව මහ ගොඩක් ගොබෙල්ස් කියලා තියෙනවා. මේ වැදගත් ම කියලා හිතෙන ටිකක් තෝරලා දැම්මේ! ගොබෙල්ස් නම් මේ දේවල් සුපිරියටම කරලා තියෙනවා. නැත්තම් ඉතින් හිට්ලර් ජර්මනියේ අසහාය පාලකයා වෙන්නේ නෑනේ නේද! හැබැයි ඉතින් ලංකාවෙත් පොඩි පොඩි ගොබෙල්ස් ලා ඉන්නවා, ඒ වගේ වෙන්න උත්සහ කරන, හැබැයි ඒ ළඟින්වත් යන්න තරම් හැකියාවක් නැති. ඒ වගේ ම ගොබෙල්ස් ගැනවත් ගොබෙල්ස් න්‍යායන් ගැනවත් හාංකවිසියක් වත් නොදන්න බහුතරයක් ලංකාවේ මිනිස්සුත් ඉක්මනටම රැවටෙනවා අපරාදේ කියන්න බෑ!

ඇඟ ඇතුළ ඇස් දෙකෙන් බලන්න පුළුවන් දැරියක්

මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් ඇති 17 හැවිරිදි රුසියානු ළඳක් ජපන් විද්‍යාඥයන් මවිතයට පත්කරවා ඇත. නටාෂා ඩෙම්කිනා (17) තරුණියගේ මෙම විස්මිත හැකියාව තවදුරටත් පරීක්‍ෂා කිරීම සඳහාත් ඇය පිළිබඳ පර්යේෂණ කිරීමටත් ඇයට ලන්ඩනයට හා නිව්යෝර්ක් නුවරට පැමිණෙන ලෙස ආරාධනා ලැබිණි.

විනිවිද දැකීමේ හැකියාවට අමතරව ඇයට යමකු තුළ ඇති ලෙඩ රෝග පිළිබඳ සමහර අවස්ථාවල තොරතුරු කීමටද ඇයට හැකි බව ජපන් විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකදී හෙළි විය. නටාෂා සතු බලය මඟින් ගර්භාෂයේ සිටින ළඳරු කලලය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් පවා රෝග විනිශ්චය කළ හැකි බව හෙළිවී ඇත. කෙනකුගේ ඡායාරූප දෙස බලා ඔහු හෝ ඇය සතු රෝගාබාධ කීමේ හැකියාව නටාෂාට ඇත.

ආය පාරක් මට සමාවෙන්න

ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

රීදී පාට කළ පාතුඩු

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය…

බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.

සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං”

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය. ”ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න”

තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

"සිරි පැරකුම්" සුන්දර චිත්‍රපටයකි

ඔහුගේ "සිරිගජසිරි" "සරෝජා" "සමනල තටු" හා " සූරිය අරණ" වැනි චිත්‍රපට තුළින් ඔහු ඉතා විශාල සමාජ මෙහෙවරක්‌ කළේය. ඊටත් වඩා සුවිශේෂී වූ සමාජ මෙහෙවරක ඔහු මෙවර යෙදී ඇත. එනම් අද සමාජයේ, ලොකු පොඩි කාගේත් කතාබහට ලක්‌ වී ඇති අර්ථවත්, සෞන්දර්යාත්මක, අපේකම හා අපේ සංස්‌කෘතික හර පද්ධති ඇතුළත් " සිරි පැරකුම්" නමැති අති සුන්දර චිත්‍රපටය අද ඔහු සමාජයට තිළිණ කර ඇත.

එහි අන්තර්ගතය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාවේ රජකළ, අපේ සංස්‌කෘතික වටිනාකම් ඔප් නැංවූ, අපේ සාහිත්‍ය කලාවට සුවිශේෂ මෙහෙවරක්‌ කළ කුසදාවත කාව්‍ය ඇතුළත් කව්සිළුමිණ වැනි අති විශිෂ්ට සාහිත්‍ය කෘති ලියූ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත" දෙවන පරාක්‍රමබාහු මහරජතුමාගේ ළමා කාලය සහ එතුමා පන්සල, ස්‌වාමීන් වහන්සේලා ඇසුරු කරමින් පත පොත දැනුම ලබමින් සටන් කලාව ප්‍රගුණ කරමින් සහජීවනයෙන් යුතුව ගත කළ ආදර්ශවත් ජීවිතය ගැන තොරතුරු සහ එතුමා රාජාභිශේකයට පත්වීම දක්‌වා වූ කාලය තුළ තොරතුරු එමගින් ඉතා සෞන්දර්යාත්මකව විස්‌තර කර ඇත. දුටුගැමුණු රජතුමා රජ මාළිගයෙන් පිටවී තරුණ වයසේ ගමක ජීවත් වුණා සේම පරාක්‍රමබාහු කුමාරයාද සතුරන්ගෙන් බේරීමට එතුමාගේ ළමා කාලය ගත කළේ පඬුවස්‌ නුවර දඹදෙණිය නම් ගම්මානයේය.

මේ කතාව එදා අප සාහිත්‍ය පත පොතෙන් කියවූයේ "අප්පුවා රජවූ හැටි" යන කතාන්දරය ලෙසටය. ඒ පුවත ඉතා සුන්දරය. එහෙත් ඒ ඉතිහාසය අද ළමා පරපුර නොදනී. වර්තමානයේ ඉතිහාසය විෂයක්‌ ලෙස ඉගෙන ගන්නේ සිසු පරපුරෙන් අතළොස්‌සක්‌ පමණ පිරිසකි. අපේ ලංකාව "පෙරදිග ධාන්‍යාගාරයක්‌" ලෙස නම්කර තිබූ බවද කෘෂිකර්මාන්තය, ගොවිතැන අපේ ප්‍රධාන රැකියාව වූ බවද අද ළමා පරපුරට අපි කියාදිය යුතුව ඇත. "ගමයි - පන්සලයි - වැවයි - දාගැබයි" යන සංකල්පයට එදා ජීවයක්‌ ලැබී තිබුණි. එදා මිනිසුන් තුළ ඉවසීම, කරුණාව, අපේකම, එකමුතු බව, සහජීවනය හා හොඳ සාරධර්ම ආදී මනුදම් මුල් බැසගෙන තිබුණේ ඒ නිසාය. 

බුදු දහමට අනුව ජීවත් වන සැම දෙනා සමග සහ සම්බන්ධතාවන් පවත්වන අපේ ගැමියන්ගේ ජීවිත සැනසිලිදායකය. ඒ සමාජ රටාව ඇත්තෙන්ම අපේ දරුවන්ට දැක බලාගැනීමට සැලැස්‌වීම කොතරම් අගනේද. අද "කුඹුරක්‌", " කමතක්‌", " මී හරකෙක්‌" " සී සෑමක්‌" නොදුටු ළමයි කොතෙකුත් ඇත. " සී සෑම" ගැන ඔවුන් කියවා ඇත්තේ පොත පතින් පමණි. අද ඔවුන්ට දැක ගැනීමට සිදුව ඇත්තේ යන්ත්‍ර සූත්‍ර මගින් සී සාන අයුරුය. සෝමරත්න දිසානායකයන් ඒ අපේ දරුවන් නොදුටු දේ ගැන අවබෝධ කරගෙන අපේ සමාජයට මේ ආදර්ශ ලබාදී ඇත.

මෙවැනි සවිස්‌තරාත්මක තොරතුරු ඇතුළත් පාඩමක්‌ දරුවකුට කියා දීමට සති කිහිපයක්‌ ගත වෙයි. සෝමරත්නයන් මෙහිදී එම අවබෝධය ලබා දීමට ගෙන ඇති උත්සාහය සැබවින්ම පැසසිය යුත්තකි.

චිත්‍රපටයේ ගීත සහ සංගීතය ප්‍රශස්‌ත මට්‌ටමක පවතී. කතා තේමාවට, පසුතල දර්ශනවලට ඔබින අයුරින් සරල සුමට අර්ථවත් මෙන්ම ගීතවත්ව ලියා ඇති ගී පදමාල සෝමරත්නයන්ගේ ප්‍රතිභාපූර්ණත්වය මෙම චිත්‍රපටියෙන් පෙන්වන තවත් අවස්‌ථාවකි. එසේම ගී පදවැල්වලට තැනට උචිත අයුරින් රිද්මයානුකූලව සංගීතය යොදාගනිමින් රෝහණ වීරසිංහයන් මෙම චිත්‍රපටයට ලබාදී ඇති ආලෝකය ඉතා ප්‍රශංසනීය වේ. මෙහි කලා අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ "හීනටිගල ප්‍රේමදාසයන්" ඒ ඒ චරිතයන්ට උචිත අයුරින් ඇඳුම් පැලඳුම් සකස්‌ කරමින් සාර්ථක පසුතල නිර්මාණය කරමින් ඉතා සාර්ථක දායකත්වයක්‌ ලබාදී ඇත.

නළු නිළියන් තෝරා ගැනීමේදී ප්‍රවීණයන් මෙන්ම ආධුනික ළමා නළු නිළියන් ඉතා දක්‍ෂ ලෙස රංගනයට එක්‌කර ගැනීමට අධ්‍යක්‍ෂවරයා කර ඇති කැප කිරීම ප්‍රසංසනීය වේ. ආයාසයකින් තොරව නිදැල්ලේ හැසිරෙමින් පුංචි හා පැටවකු සේ තමාගේ ලෝකයේ ජීවත් වන "පුංචි පැරකුම්" කුමාරයාගේ චරිතය ඉතා විශිෂ්ටය. එය රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුළුය.

Tuesday, August 06, 2013

රජ කුමරාගේ උප්පැන්න සහතිකය ලියැවුණු හැටි

බ්‍රිතාන්‍ය කිරීටයේ අලුත්ම උරුමකරු ජෝර්ජ් අලෙක්සැන්ඩර් ලුවිගේ උපත නිල වශයෙන් ලියාපදිංචි කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව ජෝර්ජ් කුමරුගේ මවගේ වෘත්තිය ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇත්තේ ‘එක්සත් රාජධානියේ කුමරිය’ (Princess of the United Kingdom) ලෙසය. සාමාන්‍යයෙන් තමා කුමරියක ලෙස හඳුන්වා දෙන්නට කේට් මැළිකමක් දක්වයි. ඇය වඩාත් කැමැත්තක් දක්වන්නේ තමා ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ ලෙස හඳුන්වා දෙන්නටය. විලියම් කුමරු හා විවාහ වන මොහොතේ මහ රැජන ඇය වෙත ප්‍රදානය කළ නිල නාමය වූයේද ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ යන්නය.
කෙසේ වුවද විලියම් කුමරු හා විවාහ වීම නිසා ඇය ‘වේල්සයේ විලියම් කුමරිය’ බවට පත්වේ. ඒ අනුව ‘එක්සත් රාජධානියේ කුමරිය’ ලෙස ඇය හැඳින්වීමේ වරදක් නැත.
විලියම් කුමරු සිය පුතුගේ උප්පැන්න සහතිකයට ඔහුගේ රැකියාව ලෙස ලබාදී ඇත්තේ රාජකීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමු යන්න නොව ‘එක්සත් රාජධානියේ කුමරු’ ලෙසය.
සාමාන්‍යයෙන් සිය දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සඳහා මව්පියන් දරු උපතින් දින 42ක් ඇතුළත උපත් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යාම සිරිතය. එහෙත් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු රජ කිරුල හිමි ලැයිස්තුවේ තුන්වැන්නා වීම නිසාම වෙස්මිනිස්ටර්හි නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය ඔහුගේ උපත ලියාපදිංචි කිරීමට කෙන්සින්ටන් මාලිගයට පැමිණියාය.
ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කිරීමේ ‍පෝරමය පිරවීමට පෙර විලියම් කුමරු ජෝර්ජ් කුමරුගේ උපත පිළිබඳ වූ සහතිකය නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය වන ඇලිසන් කැච්කාට් වෙත ලබාදී තිබේ. කැච්කාට් ‍පෝරමය පිරවීමෙන් පසුව ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කළ පුද්ගලයා ලෙස විලියම් කුමරු අත්සන් තැබිය.
ජෝර්ජ් කුමරු උපන්දිනය, ස්ථානය ඇතුළු තොරතුරු අඩංගු උප්පැන්න සහතිකයේ පියාගේ සම්පූර්ණ නම ලෙස විලියම් ආතර් පිලිප් ලුවි කුමරු, කේම්බ්‍රිජ්හි ආදිපාද ලෙස සටහන් කර තිබේ. මවගේ සම්පූර්ණ නමට කැතරින් එළිසබෙත්, කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය ලෙස යොදා ඇති අතර විවාහයට පෙර නම ලෙස මිඩ්ල්ටන් යොදා ඇත.
(ඩේලි මේල්)

Monday, August 05, 2013

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න-

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන බලන්න මම දැන් නුවර නෑ….මට දැන් පේරාදෙනිය සරසවිය හරිම ගොඩාක් ඈතයි…

කවම කවදාවත් එන්ඩ බැරි වෙන තරමටම ඈතයි….

ඔයාට මතකද ඉස්සර අපි ගලහ හන්දියේ ඉදන් සරසවි මාවතේ ඇවිදන් ගිය හැටි….රෝස පාට රොබරෝසියා මල් වැටිලා හරිම ලස්සනයි…වටේට තිබ්බ ඇහැල ගස් වල මල් පොකුරු අතරින් ඉර එළිය වැටුන අපූරුව….මතකද…..!!!

කොච්චර නම් ආනන්දණීය අතීතයක් ද…!!!

ඉස්සර වලේ තියෙන රොබ රෝසියා ගහට හේත්තු වෙලා අපි කොච්චර නම් කාලයක් ගෙවා දමන්ඩ ඇතිද..ඒ කාලේ පිපුන මල් වලට වඩා මම ආසා කලේ ඔයාගේ මූණ දිහා බලාගෙන ඉන්න..ඒ කාලේ සමනලුන් කොච්චර හිටියත් මගේ හිත ගියේම ඔයාගේ දඟකාර ගැස්සේන කෙහෙරැලි වලට…

තාමත් මගේ හිතේ ඇති එකම ආනන්දනීය හැඟීම ඒ අපේ සුන්දර ප්‍රේමණිය අතීතය පමණයි…

අපි දෙන්නා දැන් හරිම දුරයි…දුරස්ථ ආදරයකදි අපි දෙන්නට දෙන්න හමුවෙන්නේ නැති දකින්නැති එක මට කොච්චර නුහුරු උනත් ඒ දේ සිද්ධ වෙන්නේ ඒ ආකාරයට වීම මහා පුදුමයක්..තවමත් මගේ හිතේ ඇති එකම ආදරය ඔයා විතරක් ම උනත් අපි දැන ගොඩාක් වෙනස් පාරවල් දෙකක දෙපැත්තට යන දෙන්නෙක්

ඉස්සර අපි හවසට එන හැම දාම මහ නුවරට මහවැස්ස. තාමත් මහනුවර සීතල කරකර ඒ වැහි වැටෙනවා ඇති.!!
ඉස්සර මහ වැස්සේ සීතල අපි දෙන්නා ගුලි වෙවී එන අපූරුව..!!! අද ඔයා මහ වැස්සේ තනියට ඔයාට ලැබුන අලුත් ආදරෙට ගුලිවෙලා යන අපූරුව!!!

ඒ උණුහුම මට නැතත් ඔයා හරි විදිනවානේ…මට ඒක ලොකු සතුටක්…

එදා අපි දෙන්නට වගේ දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි… ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්.

කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි….මහවැලි ගඟ කවදාවත් නොගල ඉන්නේ නෑ….කවදා හරි දවසක අපි ඔක්කොම එකම මහමුදේ හමුවෙයි…එදාට අපි සවුදිය පුරමු…එතකන් මාව අර පේන මහවැලි ගඟට විසි කරන්න..

මම
ඔයාගේ පලමු ආදරය

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය – අමරසිරි පීරිස්
පද රචනය – ධම්මික බණ්ඩාර
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා