Pages

Friday, March 30, 2012

අද හොඳම දවස ඔබ එනවා නම්........

මාරම්බරී නෙළුම් පොකුණට වඩින්නීය.
ඒ එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාණන්ගේ
උපන් දිනය නිමිත්තෙනි. දිනය මෙම 05 වැනිදාය.
වෙලාව සවස 6.30 ටය.

අද හොඳම දවස ඔබ එනවා නම්........
- විශාරද එඩ්වඩ් ජයකොඩි

සක්‌වල එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම - කම්පා කරවන
එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා.......

විශාරද නන්දා මාලිනිය සමග චිත්‍රපටියකට
ගැයූ මුල්ම යුග ගීයෙන් සම්මාන ලබන්නට තරම් හේ භාග්‍යවන්තයෙක්‌ විය. රෝයි ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයට ගැයුණු මේ ගීයේ පදරචකයා උපාලි ධනවල විතානය, සංගීතය සරත් දසනායකය. ස්‌වර්ණ සංඛ සම්මාන උළෙලේදී හොඳම ගායනය සඳහා සම්මාන හිමිකර ගත්තේ මේ ගීයය.

විශාරද එඩ්වඩ් ජයකොඩි....... අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට, සුභාවිත ගීයට එක්‌ කළ ප්‍රභාව මෙතෙකැයි කියා කිව හැකිද... ඔහු ගයන්නේ ඔහුටම අනන්‍ය වූ ආවේනික වූ ශෛලියකිනි. තවමත් තාරුණ්‍යය ඒ හඬ ඇත්තේද ඔහුටම පමණකි.

එඩ්වඩ් ජයකොඩි සුවිශේෂී ශිල්පියෙකි. විරල දස්‌කම් සතු වූවෙකි. ගැයුමට පමණක්‌ද නැත. ගී තනු නිර්මාණයට මෙන්ම සංගීත අධ්‍යක්‍ෂණයටද දක්‍ෂය.

මිනිසා හඳට ගියාලු
මිනිසා පුදුම වුණාලු
බිම බැලුවාලු උඩ බැලුවාලු
මිනිසා හඳට ගියාලු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියු මේ ගීයට තනු රචනා කළේ එඩ්වඩ්ය. සංගීතය නිර්මාණය රෝහණ වීරසිංහය. මෙවන් ගී රැසකම තනු නිර්මාණය කළ එඩ්වඩ් ජයකොඩි කපිල කුමාර කාලිංග ලියූ ඉතාම සුන්දර මේ ගියේ සංගීත නිර්මාණ ශිල්පියාද වේ.

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලිතලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක්‌ ගෙන වෙන් වී යමු
ළා සඳ නැගෙනා හෝරාවේ

ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු බිහිවන්නේ ප්‍රතිභාවත්, ව්‍යqත්පත්තියත්, සතතාභ්‍යාසයත් ක්‍රමවත් ලෙස සංයෛdaජනය වීම ඔස්‌සේය. එඩ්වඩ් ජයකොඩි යනු මේ වාසනා ගුණයට හිමිකම් කියන ඒ නිසාම ශ්‍රාවකයා ඇද බැඳ තබා ගැනීමට සමත් ගායකයෙකි.

එඩ්වඩ් ගැමියෙකි. කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ, හෙට්‌ටිමුල්ල ග්‍රාමය ඔහු උපන් තැනය. හෙට්‌ටිමුල්ල යනු කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ගමකි. අග නගරයේ වාසය කළද එඩ්වඩ් ජයකොඩි තවමත් ජීවත් වන්නේ ගම සමගය. ගැමි කම ගැමි සුවඳ ගැමි වහර ඔහුගේ ගී ඔස්‌සේ අපට අනන්තවත් හමුවන්නේ ඒ නිසාය.

Thursday, March 29, 2012

Juliet, the eternal flame of love

William Shakespeare's memorable tragedy Romeo and Juliet has defined many of the ways in which we can think of romantic love.

In writing the play, Shakespeare responded to many romantic conventions of his own time.

However, Romeo and Juliet was a legend popular in Italy from the 15th century.

In addition to Shakespeare's play, Romeo and Juliet was raw material for many prose fictions by Luigi de Porto, Matteo Bandello and Pierre Boaistuau.

In England Arthur Brooke turned it into a narrative poem entitled The Tragical Historye of Romeus and Juliet in 1562. The poem is supposed to be Shakespeare's immediate source for his play.

Suicide

I had the fortune of visiting the place where legendary Romeo and Juliet committed suicide. According to the play Romeo swallows poison and dies.

Discovering his body, Juliet stabs herself to death.

Today the place where the tragedy occurred is a regular haunt of lovers. Despite the freezing cold they visit the place popularly known as Verona. Juliet is supposed to have lived in the upper floor of the old building that exists even today.

It has become a ritual for lovers to bring padlocks and keys when they visit Verona.

They click the padlocks on the iron gate and throw away the keys as a symbol of eternal love.

Some lovers touch the bronze image of Juliet and pray for lasting love. It is a touching scene for anyone to see.

Venice

I also visited Venice, a city that prompted William Shakespeare to write The Merchant of Venice.

Monday, March 26, 2012

සෙව්වන්දියකට පෙම් බැන්දා....

රට වෙනුවෙන් දෙනෙත් අහිමි කරගෙන සදා අඳුරක ගිලුණ රණවිරු පුතකුගේ දෙනෙත පමණක්‌ නොව මුළු ජීවිතයම ආලෝකවත් කළ ආදර්ශවත් තරුණියක ඊයේ (25 වැනිදා) අනුරාධපුරයේ අභිමංසල නිකේතනය මිනිස්‌කමින් මෙන්ම ප්‍රේමයෙන්ද සුවඳවත් කළාය. ඇය නමින් සාවිත්‍රි සෙව්වන්දිය. දහඅට හැවිරිදි වියේ පසු වූ ඇය මුළු මහත් කාන්තාවන්ටම ආදර්ශයක්‌ ගෙන දුන්නාය. 

සාවිත්‍රි ඊයේ (25 වැනිදා) මඟුල් පෝරුවට නගිද්දී රට වෙනුවෙන් දෙනෙත් මෙන්ම දකුණු අතද අහිමි කරගත් ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර මනමාලයකු වූයේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මංජුලිකා ජයසූරිය මෙන්ම සාදයට එක්‌ව සිටි සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් කරවමිනි. ඒ කඳුළු සතුටු කඳුළුය.

කුරිරු ත්‍රස්‌තවාදීන් විසින් කිලාලි කලපුව අසල අටවා තිබූ බෝම්බයක්‌ පුපුරා යැමෙන් මීට වසර කිහිපයකට උඩදී ලාන්ස්‌ කෝප්‍රල් චරිත් ගුණවර්ධන කුලතිලකගේ දැස මෙන්ම අතක්‌aද අහිමිව ගියේය. එතැන් පටන් ඔහු රාගම රණවිරු සෙවණට වී අඳුරු ජීවිතයට පුරුදු පුහුණු විය. හමුදා සෙබළකුව සිටියදී ප්‍රේමයෙන් බැඳී සිටි පෙම්වතිය පවා ඔහු අතැර යද්දී තනිකම, පාළුව ඔහුගේ ලෝකයේ රජවන්නට විය.

දිනක්‌ මේ රණවිරුවා සුදු සැරයටියද රැගෙන රාගම නගරයට ආවේ මිහින්තලයේ පිහිටි ගමට යැමටය.

"අයියේ...." මිහිරි වදනක්‌ ඔහුට ඇසිණි.

"අයියට මේ මොකද වුණේ" තරුණියකගේ හඬ අවදි විය.

"මම හමුදා සෙබළෙක්‌ දැන් මම දෙඇස්‌ අන්ධ රණවිරුවෙක්‌" ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර කී දෙයින් ඇයගේ දැසට කඳුළු නැගිණි.

අයියලයි අපේ මේ රට බේර ගත්තේ" ඇය කීවාය.

Friday, March 23, 2012

A defeat as good as victory

Editorial - The Island

The diplomatic badger hunt in Geneva is over. The cornered badger bravely fought the mastiffs of neo-imperialism, savage in the fray, and went down fighting yesterday. It certainly was a defeat as good as victory!

The US, the EU and India won against Sri Lanka at the UNHRC. They secured 24 votes for the US resolution as opposed to Sri Lanka's 15 with eight abstaining. The US and its friends should be ashamed that they, in spite of their combined might, could muster only 24 votes. With its economic and military prowess, political clout, not-so-veiled threats, megaphone diplomacy and intense campaigning backed by an anti-Sri Lankan propaganda blitzkrieg the western media and human rights groups carried out in the run-up to the vote, the US should have been able to win at least two-thirds of the UNHRC votes. It is heartening that there are countries capable of standing up to the US.

Reeling from its ignominious UNESCO loss at the hands of Palestine last year in Paris, the US has got a diplomatic straw to clutch at in Geneva. Champagne corks are popping in Washington!

The Indian government may have managed to extricate itself from a domestic political imbroglio at Sri Lanka's expense by compromising its much-vaunted foreign policy at the behest of the likes of Jayalalithaa, but it has, in so doing, plunged India into an unholy diplomatic and political mire. Now that it has sided with the US on a country specific resolution against Sri Lanka, other countries will want it to do likewise if and when similar situations arise at the UNHRC in the future.

Thursday, March 22, 2012

ප්‍රේමය හා කාමය මුසුවූ ලෝකයේ ලොකුම වෙබ් ආර්ථිකය

UK is the most internet-based major economy

අන්තර් ජාල ආර්ථික ක්‍රියාකාරකම් වලින් සිය ආර්ථිකයට ලෝකයේ වැඩිම දායකත්වයක් කරන රට එංගලන්තය බවත් එංගලන්ත තරුණ තරුණියෝ දැන් පෙම්සුව හා කම්සුව සොයා ගන්නේ අන්තර් ජාලය හරහා බවත් නවතම අධ්‍යනයක් විසින් හෙළිකර ඇත.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ එංගලන්ත ආර්ථිකයට අන්තර් ජාල ආර්ථික කටයුතු වලින් කරන දායකත්වය සියයට 8.3 ක් පමණ වන බවත් එය සියලු G20 රටවලට වඩා වැඩි බවයි.

Boston Consulting Group (BCG) හි සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන මෙම සමීක්ෂණයට අනුව 2010 වනවිට එංගලන්තයේ අන්තර් ජාල ආර්ථිකය පවුම් බිලියන 121 ක් පමණ වටිනා අතර ඒක පුද්ගල අන්තර් ජාල ආර්ථිකයේ වටිනාකම පවුම් 2000 කට වැඩිය.

මෙම අංශයේ දායකත්වය එරට සෞඛ්‍ය, ඉදිකිරීම් හා අධ්‍යාපන යන අංශ වලට වඩා වැඩිබව සඳහන්ය.

මෙම සමීක්ෂණයට අනුව 2010 වනවිට එංගලන්තයේ සිදුකර තිබෙන භාණ්ඩ මිලදී ගැනීම් වලින් සියයට 13.5 ක් පමණම අන්තර් ජාලය හරහා සිදුකර තිබෙන අතර එය 2016 වනවිට සියයට 23 ක් දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂිතය.

එංගලන්තයේ අන්තර් ජාල ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන බවත් එය ඉදිරි වසර හතර තුළදී සියයට 11 කින් පමණ වර්ධනය වනු ඇති බවත් වාර්තා වේ.

2016 වනවිට මේ අංශයෙන් එරට ලබනු ඇති ආදායම පවුම් බිලියන 221 කට ආසන්න වන බවත් ඇමරිකාවේ මෙම අංශයේ වර්ධනය සියයට 5.4 ක් බවත් එය චීනයේ සියයට 6.9 ක් බවත් වැඩිදුරටත් සඳහන්ය.
Vimasuma -

Please be kind enough to quote your best Price as per fallowing details

Sri Lanka ranks 75th in the world of Facebook users with over 1.2 million users, while there are 44 million in India, 155 million in the USA. Vatican city has only 20 users.

CNN called it the Holy Grail of internet, with the report that Facebook earned $1 billion off sales of $3.7 billion for 2011 with 845 million monthly active users. This news made me read ‘The Accidental Billionaires’ by Ben Mezrich. The author described the book as “a dramatic narrative account based on dozens of interviews, hundreds of sources, and thousands of pages of documents, including records from several court proceedings.”

The book is about how Facebook came into being, how so many accidental happenings brought it about.

The story of Facebook is the story of most creative works, discoveries and inventions. We have the proverbial stories about Archimedes and Newton, but there would have been many such stories throughout evolution, unrecorded and therefore unknown.

Wednesday, March 21, 2012

සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ...

සමාන හදවත් ඇති ඇත්තන් ජීවිතයෙන් සමුගැනීම දරන්න බැරි වේදනාවක්. එවැනි වේදනාවක් හදවත පුරා පැතිර ගිය ආරංචියක් ඊයේ (20 වැනිදා) පාන්දරම සවනත වැකුණේ එවැනිම සහෘදයකුගෙන්.

“ඇන්ටන් ජූඩ් අන්තරා වෙලා. හාට් ඇටෑක් එකක් ලූ...”

හීනෙකින්වත් හිතන්න බැරි ආරංචියක්. අසේල ජයකොඩි නැතිවෙලා මාස කීයද ගියේ. තවත් එවැනිම සහෘද හදවතක් නතර වෙලා. මේක පුදුම වැඩක්. කලාකාරයන්ට අපල කාලයක් වගේ...” මගේ සිතට නැඟුණු සිතුවිල්ලක් ඒ...

ඇන්ටන් ජූඩ් අපි ආදරේට කියන්නේ ‘ජූඩා’ කියලා. ‘ජූඩා’ කලාව තුළ ඉදිරියට ආවේ පාර මී පුරනවා වගේ ගමනක යෙදිලා. ශෂී කුයින්ටස්ගේ ‘සුදුහත්තක්’ වගේම විජිත ගුණරත්න නම් ප්‍රවීණ නාට්‍යකරුවාගේ නාට්‍ය තුළින් ‘අ’ යන්න කියූ හේ අශෝක හඳගමගේ ‘මාඝාත’ නාට්‍යයේ වාදක කණ්ඩායමේ වාදකයෙක් ලෙස රඟපෑ අයුරු ලියුම්කරුට දැනුත් මැවිලා පේනවා වගේ. ‘ජූඩා’ ‘මාඝාත’ නාට්‍යයේ ගීතයක් අතර තුර කියන එකම දෙබස “හහ් හා හහ් හා...” කියන අපූරුව දැනුත් මතකයට නැෙඟනවා.

කලාව තුළ ජූඩ් වසර 34ක පමණ කාලයක් ගතකර වේදිකා නාට්‍ය 40 ට අධික ප්‍රමාණයක්, ටෙලි නාට්‍ය 55 කට වැඩි ගණනක් චිත්‍රපට 20ට අධික සංඛ්‍යාවකටත් සිය රංගන දායකත්වය එක්කොට ඇත. ‘ආයිෂ් අම්මා ගුංඩු’ ‘සකිසඳ මඬල’ ජූඩ් නිර්මාණය කළ වේදිකා නිර්මාණ වේ...

ගල්කිස්සේ ශාන්ත අන්තෝනි රෝමානු කතෝලික පාසලෙන් අධ්‍යාපනය හදාළ ජූඩ් කලාවට පැමිණෙන්නේ සිය පියා වූ ක්ලැරන්ස් ගෝමස් මහතාගේ මඟ පෙන්වීම ඔස්සේ ය. ජූඩ් ගේ පියා හොඳ ගායකයෙක්. පණ්ඩිත් අමරදේවයන්ගේ, මොහිදීන් බෙග් මාස්ටර්ගේ ගීත හරි අපූරුවට ගායනා කිරීමේ හැකියාවන් ඒ පියාට තිබුණා. ජූඩ් ජීවත්ව සිටියදී කියන්නේ පියාගේ ඒ හැකියාවන් තමයි මට පිහිටා තියෙන්නේ කියලා.

Friday, March 16, 2012

Most women get HIV from husbands – Medical expert

Courtesy - The Island by Maheesha Mudugamuwa

In Sri Lanka, nearly 80 percent of the women infected with HIV have contracted the disease from their husbands, AIDS Foundation of Lanka (AFL), Director- Research and Programme, Dr. Sarojani Perera told The Island on Tuesday (14).

Dr. Perera said that statistics revealed that the total number of male and female HIV positive cases had increased by 11 percent and 9 percent respectively.Among the HIV/AIDS patients in Sri Lanka recorded since the first HIV positive case had been reported in 1987. There were fifty two HIV infected children by birth, she said.

Nearly 15 children had died due to HIV/AIDS. In 2010 (three) and 2011 (five), eight HIV/AIDS affected children had been reported, Dr. Perera said. Up to 2011, the number of HIV positive cases in Sri Lanka had been 1,463, she added.

In 2011, 146 HIV cases were reported, majority of them from the Western, North-western and the Central provinces. The most vulnerable age group was 19-50 years. In 2010 and 2009, 121 and 137 HIV cases had been reported in Sri Lanka respectively, Dr. Perera said.

The HIV epidemic in Sri Lanka remains at a low level. The estimated number among the adult population was just 0.02 percent and there were only an estimated 3,000 people living with HIV in Sri Lanka with the infected averaging 350 a year. The highest number of cases—582— had been reported during 2005 to 2009 compared to 310 cases during the years 2000 and 2004, Dr. Perera said.

"Sri Lanka is liable to experience an increase in the number of HIV infected persons due to many factors including overseas travel for employment and education and the increase in high risk groups including female sex workers, homosexual males and drug addicts who use syringes," Dr. Perera said.

She said measures were being adopted to control the spreading of sexually transmitted diseases in coastal areas and in places of tourist attraction.

"Our goal is to prevent HIV infections with the help of effective strategies aimed at reducing sexual transmission, mother to child transmission, transmission through blood transfusion and to improve the quality of life of the HIV infected people," Dr. Perera said.

Sunday, March 11, 2012

Using music to evoke positive emotions

Music can evoke positive emotions, which in turn can lower the listener's stress levels.

Everyday music listening is therefore a simple and effective way to enhance well-being and health, according to a new doctoral thesis in psychology from the University of Gothenburg.

The thesis is based partly on a survey study involving 207 individuals, partly on an intervention study where an experiment group consisting of 21 persons listened to self-chosen music for 30 minutes per day for two weeks while an equally sized control group got to relax without music.

The results of the studies show that positive emotions were experienced both more often and more intensively in connection with music listening.

The experiment group did also perceive less stress and had lower levels of the stress hormone cortisol.

The more the participants in the survey study liked the music, the less stress they experienced.

‘But it should be pointed out that when studying emotional responses to music it is important to remember that all people do not respond in the exact same way to a piece of music and that one individual can respond differently to the same piece of music at different times, depending on both individual and situational factors. To get the positive effects of music, you have to listen to music that you like,’ says the author of the thesis Marie Helsing.
-APP

Martin Scorsese’s Hugo

Courtesy - The Sunday Leader By Kamal Kalidasa

When an accomplished and critically-acclaimed director gets to pay tribute to one of cinema’s pioneering legends in his own celluloid masterpiece, and bag a few Oscars in the process, the feeling must be incomparable in its unprecedence. Martin Scorsese’s Hugo, an ode to French illusionist cum filmmaker-extraordinaire Georges Méliès, is an awe-inspiring, almost-steampunk love letter to a forgotten time and place that saw the birth of science-fiction and fantasy in cinema, at the capable hands of a single creative genius – its Oscar-nod more than justified.

Mild spoilers ahead…

An adaptation of the ‘The Invention of Hugo Cabret,’ a novel by children’s author Brian Selznick, Hugo is set in the early 1930s, not too long after the Great War (World War I). A 12-year-old boy named Hugo (Asa Butterfield) is orphaned when his widowed clockmaker father (Jude Law) is killed in a museum-fire, forcing the boy to fend for himself by maintaining the big clocks at the Gare Montparnasse railway station where he now lives. Hugo has no choice but to steal food every day so he does not starve. He lives in the walls of the station, where he has hidden away his prized possession: an old and broken automaton – a kind of wind-up, self-operating human-like machine – his father had once found in a museum.
After the death of his old man, Hugo takes it upon himself to fix the machine; so, the boy risks everything in an attempt to steal gears and other mechanical items required for the operation, from a middle-aged gentlemen (Sir Ben Kingsley) manning a toy-store at the railway station.

Saturday, March 10, 2012

මේ ගීය ගැයූවේ මා ඔබ රිදවනූ නොවේ...


හුඟාක්‌ම ළඟින් සිටි දෙන්නෙක්‌ එහෙමත් නැත්නම් හදවතින්ම ආදරය කළ දෙදෙනෙක්‌ වෙන් වුණොත්...? එවන් වෙන්ව යාම් ඉතාමත් සුළු මොහොතකින් වෛරයකට පෙරළෙන්නත් පුළුවන්. ආදරයත් වෛරයත් අතර වෙනස කෙස්‌ ගසකට සමාන කරන්නේ ඒ නිසායි.

ඒත් ආදරය කළ හිතකට වෛර කරන්න පුළුවන්... එහෙමනම් ඒක කොහොමද ආදරයක්‌ වෙන්නේ... සමහරුන්ට නම් එහෙමත් හිතෙන්න පුළුවන්.

මා දැසේ වේදනා

ඔබ දැසේ පෙම් සිනා

එනමුදු මගේ හදේ

නැත වෛර ෙච්තනා

මම ඔයාට කොයි තරම් ආදරේ කළාද... ඔයාත් එහෙම තමයි. සංසාරේ හැමදාමත් මම ඔයාමමයි පතන්නේ. මතකද ඒ දවස්‌වල ඔයා මට ඒ විදිහට කිව්වා. ඒත් එහෙම කියූ ඔයා... මගේ ළමැද මුහුණ තියාගෙන පැය ගණන් වරු ගණන් ආදර බස්‌ දොඩපු ඔයා... අන්තිමේ මාව දාලා ගියා... දෙයියනේ මාව කඳුළු ගඟක තනි කළ ඔයා... තවත් කෙනෙකුට ළං වෙලා... මගේ ඇස්‌ කඳුළින් බොඳවෙලා... ඒ කඳුළු බිඳු අතරින් මට පෙනෙනව ඔයා ඔහුට තුරුළු වෙලා... එදා අපි ගිය මාවතේම ඇවිද යනවා... මම කොහොම ඉවසන්නද. කමක්‌ නැහැ. ඔයා මට ආදරේ නැති වුණාට... මම ඔයාට තවමත් ආදරේයි... ඒ නිසා මගේ හිතේ ඔයා ගැන කිසිම වෛරයක්‌ නැහැ.

"මේක මම අසූව දශකය මුලදී ලියපු සරල ගීයක්‌. ඒ කාලේ ඉතින් අපිත් තරුණයිනේ. මේක පාසල් සම්ප්‍රදායේ ගීතයක්‌... විරහ දුක ආදරය තමයි පාසල් ගීත වල තියෙන්නේ. ඒ කාලේ සරල ගී වැඩසටහනකට මම තමයි මුලින්ම මේ ගීය ගායනා කළේ. ඉන් පස්‌සේ තරුණ සේවා සභාවට ආවාම රෝයි පීරිස්‌ට දුන්නා... රෝයි විතරක්‌ නොවේ යොවුන් ගී කණ්‌ඩායමේ හැම කෙනෙක්‌ම වගේ මේ ගීය ගායනා කරන්න පටන් ගත්තා.

මේ ගීයේ පදරචකයා, සංගීතය හා තනු නිර්මාණකරුවා විශාරද නිහාල් ගම්හේවා එසේ පැවැසුවා.

පෙරදා ඔබෙන් මෙමා

ලැබු නුහුරු කල්පනා

සාගරය සේ එදා

ආදරය ගොනු කළා

ඒ සිහින මව මවා

මා දැස තෙත් කළා...

තනිකම අද මට උරුමවෙලා. ඇයි මේ විදිහෙ දුකක්‌ මට දුන්නේ. ඒ දවස්‌වල අපි දෙන්නා තුරුළු වෙලා ආදරය කළ හැටි... මට ඔයාගෙන් ලැබුණේ අමුතුම මිහිරක්‌... අද මට අයිති ඒ සුන්දර අතීතය විතරයි. කල්පනා ලෝකයත් එක්‌ක මම ඒ සොඳුරු අතීතයේ සැරිසරනවා. ඒ ඔයාත් එක්‌ක... අපේ ආදරය හරියට සාගරය වගේ... ඒ ආදරය අපි දෙන්නා එකට එකතු කළා... මට නම් ඒ අතීතය හීනයක්‌.... ඒ මතකය හීනයක්‌ වගේ ඇවිත් මගේ දැස්‌ තෙත් කරනවා...

Friday, March 09, 2012

Oscar Analysis: Here’s How ‘The Artist’ Charmed Its Way To Victory

In the end, the Oscars ran more or less the way people thought they would. Everything old was new again, silence was golden, and a batch of shiny statuettes will soon have first-class passage on Air France.
“The Artist” was named the Best Picture because it charmed Academy voters in a way nothing else did, because box-office figures no longer mean much to the Academy, and because no other film was ever able to establish itself as the alternative for the voters who didn’t want the black-and-white silent film to win.
(The film does have one sequence with sound effects, and another, briefer one with dialogue. So it might be more accurate to call it a largely silent film.)
Its critics may have felt “The Artist” was a novelty, but it didn’t seem that way to voters.
Instead, it seemed like a miracle.
On a night when the Academy put a scare into the film that had dominated the awards season, giving five awards to “Hugo” during the first half of the show, the body of voters accused of being too old, too white and too male finally went for the film that was so old-fashioned that it felt fresh and new to them.
Also read: 2012 Oscars: Complete List of Winners & Nominees
It wasn’t an Oscar show with a lot of surprises, though Meryl Streep’s Best Actress victory after a 29-year drought was a shock to those of us who thought Viola Davis would win.
“The Artist” is now the first film to win both the Best Picture Oscar and France’s Cesar Award for Best Film, the second to win both the Indie Spirit Award and the Oscar, and the first silent film to be named Best Picture since the very first Oscars, in 1927.

Thursday, March 08, 2012

Preventing Child Abuse

Courtesy - The Island 
by Dr. R.A.R.Perera
M.B.B.S (Cey), M.Sc. Psych. (Col), F.A.R.C.G.P. C. Psych. (Canada), C.Ht. (USA)
Consultant Clinical Psychologist.

The most frequent form of violence at home remains relatively hidden from public scrutiny – which is battering of a child by his or her parents. Violence has long been a part of family life. A research conducted by a social psychologist called Straus has revealed that an individual is more prone to be beaten or injured by a family member at home than by anyone else in any other place.

At least three major factors seem to be involved in these instances.

Many psychologists believe that common stress is an important source of child abuse. Stress from great many source piles up during the day and people often can do little to alleviate it.

A worker cannot express anger against an employer easily for fear of being fired. Traffic snarls allow drivers little in the way of retaliation. As a result, an exhausted and angry adult may engage in displacement of aggression. That is he or she may attack some target other than the one that is producing the stress. Often children are the targets of displacement not only because they are available but also because they are defenceless against attack.

Studies have found statistical associations between various indicators of stress and child abuse. A large proportion of mothers who abused theirs children were experiencing economic stress and were without supportive resources.

Even when they are experiencing great stress, most adults will not batter their children unless there are cultural sanctions for this kind of behaviour. Adults do not, for example, attack their neighbour’s children or pets. Strong informal rules prohibit such actions. However, beating one’s own children is an action that has long been sanctioned in the society.

Certain people are more likely to react to stress by battering their children than others. In some cases the aggressive parent may be imitating models in his or her own family. A number of studies show that many parents who abuse their children were themselves abused in childhood or they observed violent adult models. However, modelling may not account for all incidents of child beating. Many child abusers suffer from severe emotional problems or other social problems such as social isolation.

If child abuse is to be reduced, one approach might be to obviate the practices that sanction it. If physical punishment becomes socially unacceptable, it is more likely to be monitored in the community and reduced through shame.

Wednesday, March 07, 2012

Spreading the Dharma Triumph of Reason

By Upali Salgado - The Island

O great hero, your teachings brought trembling to sectarians.

Misery to Namuci (Mara), but rejoicing to both devas and men.

- Matrcetas Hym to the Buddha

Walk into any Library, or a reputed bookshop, and you will surely find several books on the life and teaching of Sakyamuni Gotama Buddha, who held centre stage prominence, in an age of intellectual ferment. In that age, there were in India, 63 other known religious leaders of vedic upanisadic faith, each having his own interpretation and emphasis on an age old dharma, associated with Athman and the cosmic laws. There were some others, too, professing the Jain teaching. This historical figure of the Buddha has been well researched on for over a century by Scholars and Archaeologists. Today, there are about three billion Buddhists of different schools, all of them believing in the fundamental teachings of the Great Master, who has been accepted not as a God-head, but as an extra-ordinary human being, whose mission (Theravada school) was to "show the Path" to human liberation from suffering, as seen in many faceted forms. Whilst he had generally spoken Magadhi, a language similar to Pali, to communicate with others, He did not use persuasive methods, nor the power of the sword to convert people to accept his dharma. He also did not require of his followers to blindly accept or follow His Teachings (see Kalama Sutra), nor did He rely on the performance of miracles frequently, to win over people towards accepting his religious dharma, although He did once perform a miracle before the Jain leader Udakku Ramaputra, by creating fire and water to come out of his body.

Tuesday, March 06, 2012

මධ්‍යම පාංතික මව්පිය, යශෝරාවයේ සැඟවුණු ශෝකාන්තයෙන් බිඳක්‌

දරුවකු පිළිසිඳගත් මොහොතේ සිට අප සෑම දෙයක්‌ම කරන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙනුයි කියා අපේ මධ්‍යම පාංතික දෙමව්පියන්, එම දරුවා ඉපදී වැඩී ලොකු මහත් වී උසස්‌ අධ්‍යාපනය ද ලබා එයිනුත් නොනැවතී, වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්‌කෝ ඔස්‌ටේ්‍රලියාවට නැතිනම් නවසීලන්තයට, ඒත් නැතිනම් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ යවන්නේ තම දරුවන්ට ඉහළම උපාධියක්‌ ලබා ගැනීමේ ඉඩ හසර ලබා දෙමිනි. අනන්ත අප්‍රමාණ වූ කැප කිරීම් මත තම දරුවන් සිහසුනේ හිඳවන අපේ මධ්‍යම පාන්තික මව්පියෝ ඒ සියලු දේම කරන්නේ ඒ තුළින් තම දරුවන්ගේ ප්‍රීතිය සතුට වැඩි වනු දැකීමටය. 

අප කැමති වුවත්, අකමැති වුවත් මේ තල්ලුවී යන්නේ පතුල නොපෙනෙන අගාධයකටය. මෙයින් ගොඩ වෙන සැටියක්‌ අසා දැන ගැනීමට. තවම ගොඩ ආ අයකු අපට හමුවීද නැත. 

මහ පාරේ මතු වූ මැණික්‌ අහුලන්නට, ඇඳිවත පිටින්ම, සැතපුම් ගණන් දිවගිය ලුණුගම්වෙහෙර අවට මිනිසුන් සේම මහත් වූ බලාපොරොත්තු පොඳි බැඳගෙන අපරිමිත ආශාවෙන් දිනපතාම මහා කලබලයකින් අපි ඔහේ දිව යන්නෙමු. ආපසු හැරී බලන විට සතුට සොයා අප දිව ගිය ගමනේදී අප ලබාගත් දේට වඩා බොහෝ සෙයින් වටිනා දේ අපෙන් ගිලිහී ගොස්‌ ඇති බව තේරුම් ගන්නා විට අප පමා වූවා වැඩියි.

දිවගියේ සතුට සොයා ගෙනය. එහෙත් සැබැවින්ම අපට උරුම වී ඇත්තේ දුක සහ වේදනාවය. බලාපොරොත්තු කඩවීම දුකකි. ආශාවෝ ඉටු නොවීම දුකකි. හිමි දේ අහිමි වීමද දුකකි. මතුපිට සතුට රැඳි මේ සියල්ලේම සැඟවී ඇත්තේ දුකය. ජීවත්වන තුරාවට අපේ දැසින් සැඟව ඇති යථාර්ථයන් මෙසේය.

"මනුස්‌සකම"ත් මේ රටේ එක්‌තරා සමාගමක්‌ විසින් අලෙවි කර හමාරය. ඒ තරමටම අපේ ජීවිත අලෙවිකරණය වී තිබෙන යුගයකි මේ. 

මිනිසාගේ අවශ්‍යතාවන් සහ වුවමනාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය භාණ්‌ඩ සහ සේවා සපයන වෙළෙඳ පොළක්‌ නිර්මාණය කිරීම අලෙවිකරණයේ පරමාර්ථයයි. මිනිසා තුළ උපතින්ම ඇති නොනිමි ආශාවෝ අවුලුවාලමින් ලෝකයම ගිනි තබන අලෙවි කරුවෝ කිසිම හිරිකිතයකින් තොරව වැඩිපුර මුදල් ලැබේ නම්, ගොරකා දඩ මස්‌ කරන්නේ ඇසිපිය හෙළන නිමේශයෙනි. තොරතුරු සන්නිවේදනයේ අති නවීන මෙවලම් ඇසුරේ මුළු ලොවම සාක්‌කුවේ ඇති බ්ලැක්‌බෙරි දුරකථනය තුළ සඟවාගෙන සිටින මිනිසුන්ගෙන් අඩුවක්‌ නැති ලෝකයකය. අද අප ජීවත්වන්නේ මනුස්‌සකම මේ තරම් වේගයෙන්, මේ තරම්ම ලාබෙට, ලොව පුරාම අලෙවි වන්නේද ඒ නිසාමය.

පසුගිය දිනෙක කලා වැවේ මිරිදිය මසුන් ඇල්ලීමෙන් ජීවිතය ගැට ගසා ගන්නා අහිංසක ධීවරයකු සමග ඔහුගේ ඔරුවෙන් මරණීය වැව් දියේ පුංචි සවාරියක්‌ යැමට මාහට අවස්‌ථාවක්‌ උදාවිය. එහිදී මා හා කතාවට වැටුණු එම ධීවරයා කියා සිටියේ තමා මෙම ධීවර රැකියාවෙන්, ඉතා තෘප්තිමත්ව සිටිනවා කියාය. "මට ලේසියෙන් දවසකට රුපියල් පන්සීයක්‌ විතර හොයා ගන්ඩ පුළුවන්. මම කාටවත් යටත් නැහැ. මට හිතුන වෙලාවක මං එනවා. මං යනවා. මට දරුවො තුන් දෙනෙක්‌ ඉන්නවා. මගේ ලොකු දුව බැඳලා. කොල්ලො දෙන්නෙක්‌ තාම ඉස්‌කෝලේ යනවා. උන්ට ජීවත් වෙන්ඩ ටිකක්‌ උගන්නපුවම හොඳටම ඇති.

මේ අපූරු මිනිසා මා සමග, සුන්දර වැව් තලයේදී සිය කුඩා ඔරුව හබල්ගාමින් කියූ දේය ඒ. ඔහු අවසානයට කියූ දේ සැබැවින්ම මා මවිතයට පත් කළේය. මේ ප්‍රඥසම්පන්න ධීවරයා සිය දරුවන්ට උගන්වන්නේ ජීවත්වීම සඳහා පමණි. එය කෙතරම් අපූරු කියමනක්‌ද? අද අපි අපේ දරුවන්ට උගන්වන්නේ ජීවත්වීම සඳහා ද? මේ මහා ඉගෙනීමේ තරගය සැබැවින්ම ජීවත්වීම සඳහාද? දෙමව්පියන් අද දවසේදී සිය ජීවිත උකස්‌ කර තම දරුවන්ට උගන්වන්නේ ජීවත් වීම සඳහාද? නැත· උනුන් පරයා උනුන් අභිබවා තමන් ජීවත්වන සමාජයේ මහා කඳුමෙන් උස්‌වී උසස්‌ වී නැගී සිටීමටය. 

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු. එකම ගඟකට වැටෙන"

මේ කඳු පංති දැක ගුණදාස කපුගේ නම් සොඳුරු මිනිසා එදා හඬා වැටුණේ අද හඬන අප වෙනුවෙන්ය.

මධ්‍යම පාංතික අම්මලා සහ තාත්තලා පෙන්නූ මඟ ඔස්‌සේ ඉදිරියටම ගිය දරුවන්ට අපේ රට පෙනුනේ කුඩාවටය. අපේ මිනිසුන් පෙනුනේ මහා අජූවටය. කොටින්ම අපේකම හැලුනේ මේ අම්මලාගේම ඇස්‌ ඉදිරිපිටමය.

Sunday, March 04, 2012

හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්

ආදර ගීත බොහොමයක් ඒකාකාරී ය. එහෙත් මේ ඒකාකාරිත්වයින් අත්මිදුණු නිර්මාණ ඉඳහිට හෝ මුණ ගැසේ. නැවුම් ගී පද හා නුහුරු සංගීතය තුළින් මේ ඒකාකරිත්වය බිඳ දැමු අවස්ථාවක් ලෙස මේ ගීතය හැඳින්විය හැකිය.

ආදරය හා රාගය සම්මිශි‍්‍රත ව යෞවනයකුගේ හදවතක් පේ‍්‍රමයේ මිහිරිතම හැඟීම් සමීප වූ අවස්ථාවක් ලෙස මේ නිර්මාණය හැඳින්විය හැකිය. මේ පේ‍්‍රමය මල්ඵල හට ගත් පේ‍්‍රමයක් ම නොවේ. එය ඇතැම් විට හෙට දවසේ මල්ඵල දරන්නක් විය හැකිය. එහෙත් යෞවනියක නිසා මේ මොහොතේ මේ පුරුෂයාගේ හදවත පේ‍්‍රමයේ ආස්වාදනීය හැඟීම් බුක්ති විඳිමින් සිටී. ඒ අපරිමිත සෞන්දර්යය මුසු ආනන්දනීය හැඟීම සුන්දර පරිසර වැනුමකින් සංකේතවත් කිරීමට රචකයා සමත් වෙයි.

“නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී 
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි 
සොඳුර නුඹෙ නමින්

නුරා අඳුරින් වැසී ගිය නීල දෑස, මල් සුවඳ මුසු මඳනල, වැහි වලා යටින් එබෙන පුරහඳ, සඳ සෙවණැල්ල පතිත වූ වැව් දිය, ආදි පාරිසරික සෞන්දර්යය ආලවන්ත හැඟීම් මනාව සංකේතවත් කරයි.

එහෙත් මේ රමණීය හැඟීම් සමුදාය ඔහු ඇයට ප්‍රකාශ කර නොමැත්තේ ය. අවට පරිසරයම ආදරයකට පසුබිම තනද්දී ඔහුට ඇති එකම අපහසුව වන්නේ ආදරය ප්‍රකාශ කර ගැනීමයි. ආදරය සතු මේ ගොළු බව එක්තරා මිහිරියාවකි. හැටේ දශකය තුළ කරුණාසේන ජයලත් ශුරින් ගේ ගොළු හදවත නවකතාව එතරම් ජනපි‍්‍රය වූයේ ද මේ ගොළු බවට ජනතාව පි‍්‍රය කළ බැවිනි.

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ 
පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා...

අඹ ගස්වල මල් පිපී ඇත. ඒ මල් වටා සමනලු සරති. තමා වඩාත් ඇළුම් කරන ඒ කිරි කවඩි සිනාවේ ප්‍රාතිහාර්යය අත්පත් කරගැනීමට ඔහුගේ සිත පෙරුම් පුරයි. එහෙත් ඒ සිත මේ මොහොතේ ගොළු වී තිබේ. මට මේ මොහොතේ සිහි වන්නේ ජී. බී. සේනානායකයන් ගේ පද්‍ය පන්තියකි. “තත්සර ඇසුර” රසිකයන්ගේ ආස්වාදය පිණිස එය ද මෙයට එක්කර ගනිමි. තමා ළඟින් ම ඇසුරු කරන තරුණියකට ආදරය ප්‍රකාශ කරන්නට යාමේදී යෞවනයකු තුළ හට ගන්නා මානසික ආතතියක් එහි මැනවින් ප්‍රති නිර්මාණය වී තිබේ.

එහි දී ද ඒ තරුණයා වටා ඇත්තේ සුන්දර පරිසරයකි. ඇය ගං ඉවුරක් අසබඩ ඔහු අසලින් වාඩි වී සිටින්නී ය. සීතල සුළඟක් හමා එයි. සුළඟට විසිරුණු ඇගේ කෙහෙරැළි ඔහු ගේ මුහුණේ ගැටෙයි. ආලය ප්‍රකාශ කිරීමේ මානසික උද්දීපනයක් තරුණයා තුළ හට ගනී. එහෙත් සිදුවන්නේ කුමක් ද?

Thursday, March 01, 2012

දරුවාගේ ජීවිතයේ වැදගත්ම කාලයේදී ඔබට කළ හැකි දේ

පෙර පාසල් ගුරුතුමියටත් විශේෂයි

ළමයාගේ ජීවිතයේ වැදගත්ම කාලය ලෙස පිළිගනු ලබන්නේ දරුවා මව කුස පිළිසිඳ ගැනීමේ සිට මෙලොවට බිහිවී වසර 3 ක්‌ ගතවන කාලපරිච්ඡේදයයි. මනුෂ්‍ය ජීවිතේ පැවැත්මට හා සංවර්ධනයට අවශ්‍ය වන මොළය නම් ඉන්ද්‍රිය තුළ ගොඩනැගෙන සෛල වලින් 75% ක්‌ පමණ ගොඩනැගෙන්නේ මෙම කාලය තුළදීය. පුද්ගල සංවර්ධනයට අවශ්‍ය කරන සෛල පද්ධති රටා ගොඩනැගීම මුල් වසර 3 දක්‌වා කාලය තුළ දී සීග්‍රයෙන් සිදුවේ. ළමයාගේ බුද්ධි වර්ධනය වීමට මෙසේ සෛල අතර සම්බන්ධතා ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එම සම්බන්ධතා ගොඩනැගෙන්නේ ළමයා ජීවත්වන පරිසරය ආශ්‍රිත අත්දැකීම් තුලිනි. ඒ අනුව මුල් ළමාවියේ වයස අවුරුදු 3 දක්‌වා කාලය දරුවාගේ පරිසරය නිවෙස වන අතර පවුලේ සාමාජිකයන් මගින් ළමයාගේ අවශ්‍යතා ඉටුවීම හෝ නොවීම තීරණය වනු ඇත. මෙම කාලය තුළ දරුවෙකුගේ පංෙච්න්ද්‍රියට (ඇස, කන නාසය, කට හා සම) ලැබෙන උත්තේජ මත දරුවාගේ මොළය වර්ධනයවීම සිදුවන බැවින් දරුවාට ආදරය, සුරක්‌ෂිතභාවය ඇතුළත් ප්‍රතිචාරත්මක වැඩිහිටි සබඳතා ඇතිකර දිය යුතුවේ.